May 05, 2024

මොහාන් පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍ය සාර්ථක ව පැවැත්වීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ සුවිශේෂී දායකත්වයක් දැක් වූ ශ්‍රී මහා විෂ්ණු දේවාලයේ හා අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයේ බස්නායක නිලමේ ධුරය හෙබ වූ මොහාන් පානබොක්කේ මහතා ඊයේ (20) අභාවප්‍රාප්ත විය.

මහනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරය වසර 12 ක් පුරා හෙබ වූ ඔහු මිය යන විට 60 වැනි වියේ පසු විය.

එම දේහය මේ වනවිට මහනුවර පී.බී.ඒ. වීරකෝන් උද්‍යානයේ අංක 18 දරණ නිවසේ අද පස්වරු 04.30 දක්වා අවසන් ගෞරව දැක්වීම සඳහා තැන්පත් කර තිබේ. අවසන් කටයුතු අද පස්වරු 06.00 මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි. 

Rate this item
(0 votes)