May 06, 2024

වකුගඩු රෝගීන්ට අවශ්‍ය ලවණ ද්‍රාවණය මෙරට දී නිපදවයි

ලංකාවේ පළමු වරට, වකුගඩු රෝගීන්ගේ රුධිර පෙරණය සඳහා භාවිත කරනු ලබන ලවණ ද්‍රාවණය නිෂ්පාදනය කරයි.

අද වනවිට වකුගඩු රෝගීන්ට රුධිර පෙරණ ක‍්‍රියාවලිය දින දෙක තුනකට වරක් සිදු කිරීමට සිදු ව ඇති අතර ඒ එක් පෙරණ අවස්ථාවක් සඳහා රුපියල් 10,000 ක් වැනි අධික පිරිවැයක් දැරීමට සිදු ව තිබේ. 

මෙම රුධිර පෙරණ ක‍්‍රියාවලිය සඳහා භාවිත කරනුයේ ලවණ සාන්ද්‍රණයක්වන අතර එම ලවණ සාන්ද්‍රණය ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වතාවට කාර්මික තාක්ෂණ ආයතනයේ (ITI) විද්‍යාඥයින් විසින් නිෂ්පාදනය කිරීමට සමත් ව ඇති  බවත් එය පේරාදෙනිය වෛද්‍ය පීඨය විසින් සාර්ථක ලෙස අත්හදා බැලීම් සිදු කර ඇති බවත් කාර්මික තාක්ෂණ ආයතනයේ  (ITI) අධ්‍යක්ෂ ජෙනරාල් ජී. ඒ. එස්. පේ‍්‍රමකුමාර මහතා සඳහන් කරයි.

ඔහු මේ බව පැවසූවේ පසුගිය දා කාර්මික තාක්ෂණ ආයතනය විසින් ජලයේ පවතින ෆ්ලෝරයිඩ්, ආසනික් හා කැඩිමියන් පෙරණය කරනු ලබන ජලය පිරිසිදු කරන උපකරණ බෙදාදීමේ උත්සවය අමතමිනි. 

 

Rate this item
(0 votes)