May 05, 2024

වගා ළිඳකට වැටී දරුවෙකු මිය යයි

නෝර්වුඩ්, එල්බොඩ වතුයායේ ඉහළ කොටසේ වගා ළිඳකට වැටී අවුරුදු 03 ක පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව නෝර්වුඩ් පොලීසිය පවසයි.

අද (21) පෙරවරුවේ නිවසේ සෙල්ලම් කරමින් සිටි එම දරුවා නිවසේ නොසිටි බව දැනගෙන තිබේ. පසුව දෙමව්පියන් සහ ප්‍රදේශවාසින් එම දරුවා සොයන අවස්ථාවේ වගා ළිඳේ වැටී සිටි බව ප්‍රදේශවාසීන් පවසයි.

වගා ළිඳේ වැටි සිටි දරුවා ගොඩගෙන දික්ඔය මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාව වනවිටත් ළමයා මියගොස් සිටි බව වෛද්‍යවරුන් පවසයි. 

මෙසේ මිය ගොස් ඇත්තේ එස්. කනීෂන් නමැති පිරිමි දරුවෙකි. 

අලුතින් ඉදිකරමින් පවතින නිවස අසල මෙම වගා ළිඳ තිබෙන බව අනතුර පිළිබඳ පරික්ෂණ පවත්වන නෝර්වුඩ් පොලීසිය පවසයි.

හැටන් - රංජිත් රාජපක්ෂ       

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 October 2015 12:43