May 05, 2024

පොලිස් කොමිසමටත් සාමාජිකයින් පත්කරයි - සභාපති ධූරය සිරි හෙට්ටිගේට  

ස්වාධීන පොලිස් කොමිසම සඳහා ද සාමාජිකයින් පත් කර තිබේ.

ඒ අනූව මහාචාර්ය සිරි හෙට්ටිගේ මහතා එහි සභාපතිවරයා ලෙස පත් කර ඇති අතර ඇන්ටන් ජෙයනාදන්, එම්.පී.එච් මනතුංග, සාවිත්‍ර විජේසේකර, වයි.එල්.එම් සවහිර් යන මහත්වරුන් එම කොමිසමේ සෙසු සාමාජිකයින් ලෙස පත් කර තිබේ.

ස්වාධීන කොමිෂන් සභා 10ට සාමාජිකයින් පත්කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙය සිදුකර ඇති අතර මේවන විට අල්ලස් කොමිසම ඇතුළු තවත් කොමිෂන් කිහිපයකටම සාමාජිකයින් පත් කර ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)