May 05, 2024

තමිලිනිගේ අවසන් කටයුතු ශිවපුරම්හිදී (PHOTOS)

මහරගම පිළිකා රෝහලේ දි පිළිකා රෝගයක් හේතුවෙන් මරණයට පත් වූ එල් ටි.ටි. ඊ. සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙස කටයුතු කළ තමිලිනි නොහොත් සුබ‍්‍රමනියම් ශිවහාමිගේ දේහය සම්බන්ධයෙන් අවසන් කටයුතු ඊයේ (20) අති විශාල ජනතාවකගේ සහභාගීත්වයෙන් පරන්තන්, ශිවපුරම් පොදු සුසාන භූමියේ දි පැවැත් විය.

තමිලිනි ඉකුත් 18 වැනි දා අලුයම මහරගම පිළිකා රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටිය දී මිය ගියා ය. 

දේහය තමිලිනි ජීවත් වූ 08 වැනි පටුමග, ශිවපුරම් කුඩිඉරිප්පු, කිලිනොච්චි, පරන්තන් යන ලිපිනයේ පිහිටි නිවසට 18 වැනි දා  රැගෙන එනු ලැබී ය.

වන්නි - රොමේෂ් මධුෂංඛ 

Rate this item
(0 votes)