May 05, 2024

අල්ලස් සිද්ධියේ රේගු ලොක්කන් අනිවාර්ය නිවාඩු යවයි

රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ගැනීමේ සිද්ධියේ රේගු නිලධාරීන් තිදෙනා අනිවාර්ය නිවාඩු යැවීමට රේගු අධ්‍යක්ෂජනරාල්වරයා ඊයේ (20) පියවර ගෙන තිබේ.

එලෙස අනිවාර්ය නිවාඩු යවා ඇත්තේ රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න යන තිදෙනා ය.

විනය පරීක්ෂණයකට යටත් ව මේ තිදෙනා අනිවාර්ය නිවාඩු යවා ඇති බව අධිකරණ කටයුතුවලට පරිබාහිර දෙපාර්තමේන්තුවේ මට්ටමින් අදාල පරීක්ෂණ සිදුවන බව වාර්තා වේ.

මේ වනවිට රේගු නිලධාරීන් තිදෙනා කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටී.

 

Rate this item
(0 votes)