May 05, 2024

ආබාධිත රණවිරුවන්ට සිදු වූ අසාධාරණය ගැන අස්ගිරි හිමියන්ට කියයි

තමන්ට හිමි හිඟ වැටුප් මුදල ලබාදීම සඳහා මැදිහත්වන ලෙස ඉල්ලමින් ආබාධිත යුද හමුදා රණවිරුවන්ගේ සංගමය අස්ගිරි මහනාහිමියන් වෙත සංදේශයක් භාර දී තිබේ.

ඊයේ (20) අස්ගිරි විහාරයට පැමිණි අදාළ සංගමයේ සාමාජිකයින් පිරිසක් අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමිපාණන් වහන්සේ වෙත එම සංදේශය භාර දී ඇත.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඇතුළු වගකිව යුතු නිලධාරීන් දැනුම්වත් කළ ද මේ වනතෙක් තමන්ට සාධාරණයක් වී නොමැති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඩබ්ලිව්.එම්.එස්.එන්.වික්‍රමසිංහ මහතා එහි දි සඳහන් කර ඇත.

6000කට ආසන්න යුද හමුදා රණවිරුවන් පිරිසක් මෙලෙස අසාධාරණයට ලක් ව සිටින බවත් 1998 වසරේ සිට අදාළ වැටුප ලබා දී නොමැති බවත් වික්‍රමසිංහ මහතා අස්ගිරි මහනාහිමි දැනුම්වත් කර තිබේ.

ඒ අනුව අදාළ ගැටලුව සම්බන්ධයෙන් සොයාබලා නිසි පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, යුද හමුදාපතිවරයා ආරක්ෂක ලේකම් ඇතුළු අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අස්ගිරි මහනාහිමියන් එහි දී ප්‍රකාශ කර ඇත.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 October 2015 10:24