May 18, 2024

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්

1999 සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට සහ මිනී මැරීමට තැත්කිරීමකට චෝදනා ලැබ රිමාන්ඩ් භාරයට පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්‌ඩාර තෙන්නකෝන් මහතා නොවැම්බර් මස 03 වැනිදා තෙක්‌ යළි රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතලේ අතිරේක මහෙස්‌ත්‍රාත් හා දිසා විනිසුරු සම්පත් ගමගේ මහතා ඊයේ (20) නියෝග කළේය.

රෝහල්ගතව සිටින මන්ත්‍රීවරයා ඊයේ අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥයන් කියා සිටියේ අසනීපව රෝහල්ගතව සිටින නිසා මන්ත්‍රීවරයා අධිකරණය හමුවේ පෙනී නොසිටි බවයි.

මේ හේතුවෙන් නඩුව නොවැම්බර් 03 වැනිදා තෙක්‌ කල් තබා එදිනට සැකකරු සමඟ වෛද්‍ය වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා නියෝග කළේය. 

Rate this item
(0 votes)