May 18, 2024

අල්ලස් කොමිසමට නව සභාපතිවරයෙක් - නව සාමාජිකයින් මෙන්න

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙකු ඇතුළු සාමාජිකයින් පත් කර තිබේ.

ඒ අනූව එහි සභාපතිවරයා ලෙස විනිසුරුවරයෙකු වන ටයිටස් බෝධිපාල වීරසිංහ මහතා පත් කර ඇත. එහි කොමසාරිස්වරුන් ලෙස විනිසුරුවරයෙකු වන රංජිත් සිල්වා හා චන්ද්‍රනාත් නෙවිල් ගුරුගේ යන අය පත් කර ඇති  බව වාර්තා වේ.

මීට පෙර අල්ලස් කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවේ ජගත් බාලපටබැඳි මහතාය.

කෙසේ වුවද ව්‍යස්ථාදායක සභාව බලාත්මක වීමෙන් අනතුරුව 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් හඳුන්වා දුන් ස්වාධීන කොමිෂන් සඳහා සාමාජිකයින් පත් කිරීම යටතේ මෙම පත් කිරීම් සිදුව ඇති අතර ඊට ජනපති අනුමැතිය හිමිව ඇතැයි වාර්තා වේ.

ඒ අනූව මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස්, විගණන සේවා, මානව හිමිකම්, අල්ලස් හෝ දූෂණ, මූල්‍ය, සීමා නිර්ණය, ජාතික ප‍්‍රතිපාදන සහ විශ්වවිද්‍යාල කොමිෂන් සභා ඊට ඇතුළත් වේ.

Rate this item
(0 votes)