May 18, 2024

භාණ්ඩාගාර බිල්පත් ණය සීමාව බිලියන 400 කින් ඉහළට 

භාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබා ගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 400 කින් ඉහළ නැංවීමේ යෝජනාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ.

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාව අද(20) සම්මත වීමත් සමග භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි උපරිම ණය සීමාව වූ රුපියල් බිලියන 850ක ප්‍රමාණය රුපියල් බිලියන 1250 ක් දක්වා ඉහළ යනු ඇත.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගන්නා ණය රුපියල් බිලියන 400 කින් වැඩිකර ගැනීම සඳහා මෙම යෝජනාව දින 100 ආණ්ඩුව සමයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එම අවස්ථාවේදී එය පරාජයට පත්විය.

භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජය දේශීය වෙළඳපොළින් ණය ලබාගන්නා අතර මෙම යෝජනාව සම්මත වීමත් සමග රජයට ඉදිරියේදී රුපියල් බිලියන 400ක ණය දේශීය වෙළඳපොළින් ලබාගැනීමේ අවස්ථාව හිමිවනු ඇත.

 

Rate this item
(0 votes)