May 18, 2024

ගුරුවරිය පැහැරගත් වෑන් රථයේ රියැදුරා කොටුවෙයි

මාතර - ඌරුබොක්ක - ඉන්දොල ප්‍රදේශයේ දී ගුරුවරියක පැහැර ගැනීමේ සිද්ධියට අදාළ වෑන් රථය සහ රියැදුරා ඇඹිලිපිටිය නගරයේ දී අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. 

අදාළ වෑන් රථය කොළඹ සිට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඊයේ (19) පෙරවරුවේ මෙසේ පැහැරගෙන ගොස් තිබූනේ ඌරුබොක්ක - දම්පාල විලයාය විද්‍යාලයේ ගුරුවරියක වූ 28 හැවිරිදි අවිවාහක තරුණියකි.

ඇය බස් රථයෙන් බැස පාසල වෙත ගමන් කරමින් සිටිය දී පිටුපසින් පැමිණි වෑන් රථයකින් ඇයව පැහැරගෙන ගොස් තිබේ.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගුරුවරියගේ පෙම්වතාගේ බාල සහෝදරයෙකු ඌරුබොක්ක පොලීසිය අද (21) අත්අඩංගුවට ගෙන තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 October 2015 17:22