May 18, 2024

කොළඹ වෙනසට ඇමති රවී මුලපුරයි

කොළඹ නගරය වඩාත් ජනතාවට හිතකර නගරයක් ලෙස සංවර්ධනය කිරීමේ සැලසුමක් කඩිනමින් ක්‍රියාවට නගන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ නව වැඩපිළිවෙලට අදාළව රාජ්‍ය ආයතන නිලධාරීන් දැනුම්වත් කිරීම සඳහා පසුගියදා 19 වැනිදා මුදල් අමාත්‍යංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට, පොලීසිය, නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය වැනි වගකිවයුතු ආයතන සම්බන්ධ  කරගන්නා බවත් ජනතාවගේ සහායද ඒ සඳහා අවශ්‍ය කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Rate this item
(0 votes)