May 18, 2024

ඇවන්ට්ගාඩ් ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඇවන්ට් ගාඩ් සමාගම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව අද (21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. 

ඊයේ (20) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. 

මේ අතර උදලාගම කොමිෂන් වාර්තාව, පරණගම කොමිෂන් වාර්තාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව අද පාර්ලිමේන්තුවට   අග්‍රාමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළේ ය.

මෙම වාර්තා පිළිබඳ විවාදය එළඹෙන බ්‍රාස්පතින්දා දින පැවැත්වීමට නියමිත බවද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

 

Rate this item
(0 votes)