May 21, 2024

උදලාගම හා පරණගම කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යෝජනාව සහ උදලාගම හා පරණගම කොමිෂන් වාර්තා අද(20) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සභාගත කර තිබේ.

මානව හිමිකම් කඩවීම් පිළිබඳ විමසීම සඳහා පත් කරනු ලැබූ මැක්ස්වෙල් පරණගම සහ නිශ්ශංක උදලාගම කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කරන ලෙස කැෆේ සංවිධානයත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍යත් පසුගිය දිනවල රජයෙන් ඉල්ලීමක් කර තිබිණ.

එසේම මෙම වාර්තා ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් නොකළ බවට ද විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් රජයට චෝදනා නඟන ලදී.

එකී වාර්තා ජිනීවා මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් නොකර ජිනීවා යෝජනා මත පදනම්ව යුද අපරාධ චෝදනා ගැන පරීක්ෂණ සිදුකිරීමට සුදානම් වන බවට විපක්ෂයේ දේශපාලන නියෝජිතයින් හා ඇතැම් සංවිධාන රජයට චෝදනා එල්ල කළේය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 October 2015 16:51