May 21, 2024

බන්ධනාගාර ආරක්ෂාව මැද කොඩිකාර පළාත් සභාවට එයි (VIDEO)

රිමාන්ඩ් භාරයේ සිටින බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා අද (20) බස්නාහිර පළාත් සභා සැසි වාරය සඳහා බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් රැගෙන එනු ලැබීය.

එහිදී ඔහු කලබලකාරී ලෙස හැසිරුණු අතර ආරක්ෂක නිලධාරීහු ඔහු පාලනය කරගත් බව වාර්තා වේ.

පොලිස්‌ රාජකාරියට බාධා කිරීම සහ සාපරාධී අඩන්තේට්‌ටම් කිරීම යන චෝදනා යටතේ බස්‌නාහිර පළාත් සභා සන්ධාන මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා අත්අඩංගුවට ගත් කුරුඳුවත්ත පොලිසිය ඊයේ (19) ඔහු කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉකුත් 16 වැනිදා බරපතළ වංචා පිළිබඳ විශේෂ ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ පෙනී සිටීමට බණ්‌ඩාරනායක අනුස්‌මරණ සම්මන්ත්‍රණ ශාලාව වෙත පැමිණි අවස්‌ථාවේ මන්ත්‍රීවරයා මෙසේ රාජකාරියට බාධා කළ බව පොලිසිය සඳහන් කරයි.

Rate this item
(0 votes)