May 21, 2024

කොක්මාදූව - ඉමදූව යළි විවෘතයි 

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව වසා දැමූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොක්මාදූව සහ ඉමදූව අතර මාර්ග කොටස යළි විවෘත කළ බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

මාර්ගය විවෘත කළ ද එම කොටසේ වේගය පැයට කිලෝමීටර් 40 කට සීමාකළ යුතු බවත්, මාර්ග දෙපස ප්‍රදර්ශනය කර ඇති උපදෙස් පිළිපැදිය යුතු බවත් එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ ආර්.එස්. කහටපිටිය මහතා පවසයි.

 

Rate this item
(0 votes)