May 22, 2024

අගමැති ආණ්ඩු පක්ෂ රැස්වීමක් කැඳවයි  

ඉදිරි සතියේ පාර්ලිමේන්තු වැඩකටයුතු සාකච්ජා කිරීම සඳහා ආණ්ඩු පක්ෂයේ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වේ. 

මෙම රැස්වීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික හෙල උරුමය, මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂවල මන්ත්‍රීවරුන් සහභාගි වන බව වාර්තා වේ.

එම රැස්වීමේදී අද දිනයේ ඉදිරිපත් කෙරෙන භාණ්ඩාගාර බිල්පත් ලෙස රජයට ලබාගත හැකි ණය ප්‍රමාණය රුපියල් බිලියන 400කින් ඉහල නැංවීමේ යෝජනාව පිළිබඳව අවධාණය යොමු කෙරෙන අතර, ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ලබන 23 වැනිදා පැවැත්වෙන විවාදය පිළිබඳව ද සාකච්ජා කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. 

එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉදිරි පලාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වෙන බවයි. 

Rate this item
(0 votes)