May 21, 2024

ආනන්ද සංගරීගේ පුත්‍රයාට කැනඩා පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අසුනක් 

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරී මහතාගේ පුත්‍රයා වන ගැරී ආනන්ද සංගරී මහතා ඊයේ (19) පැවැති කැනඩා මහමැතිවරණයෙන් එරට පාර්ලිමේන්තුවේ අසුනක් හිමි කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු මහමැතිවරණයේ ජයග්‍රාහකයන් වූ ජස්ටින් ටෲඩෝගේ ලිබරල් පක්ෂයෙන් තරග කර තිබේ. පසුගිය කැනඩා පාර්ලිමේන්තුවේ ද ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රාධිකා සිට්සමේෂන් නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් මන්ත්‍රී ධුරයක් හිමි කර ගැනීමට සමත්විය. 

එහෙත් ඇය ඊයේ පැවැති මහමැතිවරණයේදී පරාජයට පත්වී ඇත. කැනඩාවේ විශාල ශ්‍රී ලාංකික ජන කොටසක් වාසය කරන අතර, වැඩිම ශ්‍රී ලාංකික දෙමළ ජන කොටසක් වාසය කරන විදෙස් රට වන්නේ ද කැනඩාවයි.

Rate this item
(0 votes)