May 22, 2024

සජින් වාස්ට සිංගප්පූරුවට යාමට අවසර

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දින 5කට සිංගප්පූරුවට යාමට එජනිස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) අවසර ලබා දුන්නේය.

තමාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා දින 7ක කාලයකට සිංගප්පූරුවට යාමට අවසර ලබාදෙන ලෙස ඊයේ (19) කරනු ලැබූ ඉල්ලීමක් අද සලකා බැලූ අවස්ථාවේදි මහේස්ත්‍රාත්වරයා ඒ සඳහා අවසර ලබා දී ඇත.  

මෙම අවසරය ලබාදෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ප්‍රකාශ කළේ සිංගප්පූරුවට යාමට පමණක් මෙම අවසරය ලබාදෙන අතර, ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර සම්බන්ධයෙන් වාර්තාවක් ද අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. 

අයථා මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මොහුට එරෙහිව නඩු පවරා ඇති අතර ඊට අදාළව සජින් වාස් ගුණවර්ධනට විදෙස් ගමන් තහනමක් ද පනවා තිබේ.

 

Rate this item
(0 votes)