May 22, 2024

වසරේ ක්‍රීඩකයා ඇතුළු සම්මාන 04ක් මැතිව්ස්ට(PHOTOS)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වාර්ෂික සම්මාන රාත්‍රියේ දී වසරේ ක්‍රීඩකයා ඇතුළු සම්මාන 04ක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.

හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර වසරේ ජනප්‍රියත ම ක්‍රීඩකයා සම්මානය හිමි කර ගත්තේ ය.

මේ අතර වසරේ එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව ලෙස හිටපු නායිකා චමරි අතපත්තු සම්මාන හිමි කර ගත්තා ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන වාර්ෂික සම්මාන රාත්‍රිය ඊයේ (19) පැවැත් විය.

වසරේ නැගී එන ක්‍රීඩකයාට සහ පන්දුවාර 20 යි 20 පිතිකරු යන සම්මාන ද්විත්වයම හිමි වූවේ කුසල් ජනිත් පෙරේරාට ය. වසරේ පන්දුවාර 20 යි 20 පන්දු යවන්නා ලෙස නුවන් කුලසේකර සම්මාන හිමි කර ගත්තේ ය.

සම්මාන උළෙලේ වැඩි අවධානයක් හිමි වූවේ වසරේ ක්‍රීඩකයා සම්මානය වෙතට ය. ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් වසරේ ක්‍රීඩකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබී ය.

මේ අතර වසරේ හොඳ ම ටෙස්ට් පිතිකරු, වසරේ එක්දින පිතිකරු සහ තුන් ඉරියව් ක්‍රීඩක යන සම්මාන ත්‍රිත්වයම හිමි වුණේ ද ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නායක ඇන්ජලෝ මැතිව්ස්ට ය.

සම්මාන ලැබූ අය පහතින්

වසරේ කී‍්‍රඩකයා -  නායක ඇන්ජලෝ මැතිව්ස්

වසරේ දක්ෂතම එක්දින පිතිකරු - නායක ඇන්ජලෝ මැතිව්ස්

වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩකයා - නායක ඇන්ජලෝ මැතිව්ස්

වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරුවා -  නායක ඇන්ජලෝ මැතිව්ස්

වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා - රංගන හේරත්

වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නා - අජන්ත මෙන්ඩිස්

වසරේ නැගී එන කී‍්‍රඩකයා - කුසල් ජනිත් පෙරේරා

වසරේ දක්ෂතම පන්දුවාර විස්සයි විස්ස පිතිකරුවා - කුසල් ජනිත් පෙරේරා

වසරේ දක්ෂතම පන්දුවාර විස්සයි විස්ස පන්දු යවන්නා - නුවන් කුලසේකර

වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනියට - චමරි අතපත්තු

වසරේ දක්ෂතම එක්දින පන්දුයවන්නිය - ඉනෝකා රණවීර

වසර දක්ෂතම එක්දින තුන් ඉරියව් කී‍්‍රඩිකාව - ඒෂානි ලොකුසූරිය

විශේෂ සම්මාන -රොෂාන් මහානාම

විශේෂ සම්මාන - කුමාර ධර්මසේන

විශේෂ සම්මාන - තිලකරත්න ඩිල්ෂාන්

එම සම්මාන ප්‍රදාන උත්සවයේ අවස්ථා කිහිපයක් පහතින් 

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 October 2015 11:33