May 21, 2024

මහින්දගේ මාධ්‍ය ලේකම් හෝමාගම පොලීසියට කැඳවයි

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය දරන සමයේ ජනාධිපති කාර්යාලයේ තිබූ වීඩියෝ කැසට් 3000ක් ආගිය අතක් නැතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට එවකට ජනපති සම්බන්ධීකරණ ලේකම්වරයෙකු රොහාන් වැලිවිට මහතා හෝමාගම පොලිසියට අද (20) කැඳවා ඇති බව පොලීසිය පවසයි.

හෝමාගම පොලිස් ආරංචි මාර්ග පැවසූවේ වීඩියෝ කැසට් 3000ක් අතුරුදන් වී ඇතැයි කියන සිද්ධියක් පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ පැමිණිල්ලකට අනුව රොහාන් වැලිවිට මහතා පොලීසියට කැඳවා ඇති බවයි.

රොහාන් වැලිවිට මහතා මේවන විට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරයි.

Rate this item
(0 votes)