May 22, 2024

Facebook වැරදිවලට දඬුවම් දෙන්න නීති සැකසෙයි

ෆේස්බුක් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි හරහා පෞද්ගලිකත්වයට හානි කිරීම සහ අපහාස කිරීම මෙරට අපරාධ නීතිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් බවට පත් කිරීම සඳහා නීති කෙටුම්පත් කෙරෙමින් පවතින බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීති කොමිෂන් සභාව අධිකරණ අමාත්‍යාංශය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මේ බව ප්‍රකාශ කර ඇත්තේ රජයේ නීති කෙටුම්පත් සම්පාදක ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ අරුණ ශාන්ත ද සිල්වා රචිත ග්‍රන්ථයක් අමාත්‍යවරයා වෙත පිළිගැන්වීම සඳහා ඊයේ පැවැති උත්සවයකදී ය.

Rate this item
(0 votes)