May 21, 2024

අර්ජුන නෑදෑයන් පත්කර ගැනීම ගැන වෘත්තීය සමිති අප්‍රසාදය

වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග මහතා සිය සොහොයුරු ධම්මික රණතුංග මහතා වරාය අධිකාරියේ සභාපති ධුරයට පත් කිරීමෙන් නොනැවතී තවත් ඥතීන්ට හා හිතවතුන්ට තනතුරු ලබාදීම පිළිබඳව වරාය වෘත්තීය සමිති දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

වරාය වෘත්තීය සමිති මාධ්‍ය වෙත ප්‍රකාශ කොට ඇත්තේ අමාත්‍යාංශයේ සහකාර හා සම්බන්ධීකරණ වැනි තනතුරු සඳහා සිය මහතාගේ ඥතීන් දස දෙනකු පමණ ද වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහා තවත් ඥතීන් දෙදෙනකු සහ ළඟම හිතවතකු පත් කිරීමට රණතුංග මහතා කටයුතු කර ඇති බවයි.

එමෙන්ම අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහා එක්‌සත් ජාතික පාක්‍ෂිකයකු ඇතුළත් කර ගැනීම සඳහා ගත් උත්සාහය අසාර්ථක වී ඇති බවත් වරාය අධිකාරියේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අතර කිසිදු ප්‍රසාදයක්‌ නොමැති බවත් ඔවුන් පවසයි.

Rate this item
(0 votes)