May 21, 2024

ගැටළුවලට විසඳුම් නැතැයි ආචාර්ය එපිටවත්ත ඉල්ලා අස්වේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ආචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස්‌වී ඇත.

ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ලබාදීමේ වගකීමෙන් බැහැරව සිටින බව සඳහන් කරමින් ඒ මහතා මෙසේ ඉල්ලා අස් වී තිබේ.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා එපිටවත්ත මහතාව ජාතික අධ්‍යාපන ආයතනයේ පාලක සභා සාමාජිකයෙකු ලෙස පත් කළ අතර එම ආයතනය අද වන විට යාචකයන්ගේ තිප්පළක්‌ බවට පත්ව ඇතැයි ආචාර්ය එපිටවත්ත මහතා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය යවමින් අධ්‍යාපන ඇමැතිවරයාට දැනුම් දී ඇත.

තව ද පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම, 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්වය මෙන්ම ශිෂ්‍යයා විෂය නිර්දේශයන්ට හිර කර තැබීම යන ගැටලු සම්බන්ධයෙන් එම ආයතනය පසුගිය කාලය පුරාම අවධානය යොමු කර නැතැයි ද ඒ මහතා සිය ලිපියේ සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)