May 21, 2024

ගීතාගේ පුරවැසිභාවය ගැන පුළුල්ව කරුණු විමසයි

ස්විට්සර්ලන්ත පුරවැසිභාවය දරමින්ම මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස දිවුරුම් දුන් බව කියන ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රී ධූරය පිළිබඳව පැන නැඟී ඇති ප්‍රශ්නය ජනතා පරමාධිපත්‍යය සහ නීතිය පිළිබඳ ප්‍රශ්නයක් වන බැවින් ඒ පිළිබඳ පුළුල් කරුණු විමසා බැලීමක් කරන බව අභියාචනාධිකරණය ඊයේ (19) සඳහන් කළේය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ මන්ත්‍රි ධූරය සම්බන්ධයෙන් අධිකරණය දෙනු ලබන ඕනෑම තීන්දුවක් කිසිදු විරෝධතාවකින් තොරව බාර ගන්නා බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා කළ දැනුම්දීමෙන් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මළල්ගොඩ මහතා මේ බව සඳහන් කළේය.

ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය අහෝසි කරන ලෙස ඉල්ලා ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් පිරිසක් ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණ සභාපතිවරයා මේ බව කියා සිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් එම විරෝධතා ලබන දෙසැම්බර් 07 වැනිදා හෝ ඊට පෙර අධිකරණයට ලිඛිතව ගොනු කරන ලෙසද අභියාචනාධිකරණය වගඋත්තරකරුවන්ට නියෝග කළේය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 October 2015 00:25