May 22, 2024

කේරල ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවෙන් ගෙනැවිත් උතුරු පළාතට බෙදූ කේරල ගංජා කිලෝ 25ක් සමග පුද්ගලයින් දෙදෙනෙක් කිලිනොච්චිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙනැවිත් සූක්ෂම ලෙස උතුරු පළාතේ බෙදා හරින ස්ථානයක්වන කිලිනොච්චිය මුලංකාවිල් ප්‍රදේශය වටලා මෙම කේරල ගංජා ඊයේ (18) අත්අඩංගුවට ගත් බව මුලංකාවිල් පොලීසිය සඳහන් කරයි.

කලක පටන් ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ ගෙනැවිත් උතුරු පළාතේ ඉතා රහසිගත ව විකිණීමේ කටයුතු සිදු කර අති බවත් අදාල ජාවරම්කරුවන් තවත් සිටින්නේ ද යන්න පිළිබඳ පරික්ෂණ සිදු කරන  බවත් වාර්තා වේ.

මුලංකාවිල් ප්‍රදේශයේ පිහිටි කුඩා නිවසක වී ගෝනි අතර සඟවා තිබිය දී අදාල කේරල ගංජා තොගය සොයා ගත් බව මූලික පරික්ෂණ සිදු කළ මුලංකාවිල් පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (19) කිළිනොච්චිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද පියවර ගෙන ඇති බවට මුලංකාවිල් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.

වන්නි - රොමේෂ් මධුශංක

 

Rate this item
(0 votes)