May 22, 2024

සන්ධානයේ පක්ෂ එක්වූ මංගල ජන සමුළුව ඇරඹේ 

'ජාතික නිදහස බිලිදෙන දෙමුහුන් යුද අපරාධ අධිකරණ මෙහෙයුමට එරෙහි වෙමු' මැයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් පවත්වන මංගල රැළිය කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේදී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.

නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, ඩලස් අලහප්පෙරුම, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතවරු සමග කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික නිදහස බිලිදෙන දෙමුහුන් අධිකරණයට එරෙහි ජන සමුළුව ලෙස නම් කර තිබූ එම සමුළුව සඳහා පැමිණි ජනතා නියෝජිතයෝ පැමිණ සිටි පිරිස සමග එක්ව බිම වාඩිවී සිටිනු දැකිය හැකි විය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2015 16:35