May 21, 2024

ප්‍රාදේශීය ලේකම් මාරු කරන්නැයි ඌව පරණගම උද්ඝෝෂණයක් (PHOTOS)

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මහියංගනය ප්‍රාදේශීය ලේකම් ලෙස මාරු කර යවා ඇති ඌව පරණගම ලේකම්වරයා වහාම මාරු කළ ස්ථානය වෙත යන ලෙස බල කරමින් එම ප්‍රදේශයේ ජනතාව  විරෝධතාවක නිරත වී තිබේ.

ඌව පරණගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පාගමනින් පැමිණි ප්‍රදේශවාසීන් කාර්යාලය වෙත ඇතුළුවීම වැලක්වීමට පොලිස් කැරලි මර්ධන ඒකකය කැඳවා තිබූ අතර ප්‍රදේශයේ ආරක්ෂාව ද තර කර තිබේ.

ස්ථාන මාරුව අනුව මහියංගනය වෙත නොයා තවමත් ඌව පරණගම රැඳී සිටින ප්‍රාදේශීය ලේකම්වරයා වහාම මහියංගනය වෙත යොමු කරන ලෙස පැයක පමණ කාලයක් මාර්ගය හරස් කරමින් උද්ඝෝෂණයේ යෙදුන පිරිස කියා සිටියේ ය.

බලපෑම්වලට යටත් නොවී රාජකාරී කටයුතු කළ බැවින් තමන්ට මෙසේ ස්ථාන මාරුවක් ලැබී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමසීමක දී ඌව පරණගම ප්‍රාදේශීය ලේකම්වරයා පැවසී ය.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2015 15:47