May 21, 2024

උපාලි කොඩිකාර රිමාන්ඩ්

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජනාධිපති කොමිසමේ දී පසුගිය දා එහි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි සැකපිට බස්නාහිර පළාත් මන්ත්‍රී උපාලි කොඩිකාර ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද(19) නියෝග කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පසුගිය 16 වැනිදා ජනපති කොමිසමට කැඳවූ අවස්ථාවේ රාජපක්ෂ මහතා සමග එහි ගිය උපාලි කොඩිකාර මහතා පොලීසියේ රාජකාරියට බාධාවන අයුරින් හැසිරුණු බවට චෝදනා ලැබ අධිකරණය ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව සැකපිට උපාලි කොඩිකාර මහතා කුරුඳුවත්ත පොලිසිය මගින් අද (19) අත්අඩංගුවට ගත්තේය.

 

Rate this item
(1 Vote)