May 21, 2024

හිටපු ඇමති උපාලි කොඩිකාර අත්අඩංගුවට 

පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට හිටපු බස්නාහිර පළාත් අමාත්‍ය පළාත් සභා මන්ත්‍රී උපාලි කොඩිකාර මහතා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශලා පරිශ්‍රයේදි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආධාරකරුවකු වන උපාලි කොඩිකාර මහතා පසුගිය 16 වැනිදා ජනාධිපති කොමිසමට ඇතුළු වීමට යාමේදී නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි වාර්තා විය.

එහිදී පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කර ඇතැයි කියන සිද්ධියක් මත මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අදහස් පළ කළ හඬපටය ශ්‍රවණය කිරීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න.

'පොලිසිය තමයි වැරැද්ද කළේ' - සිද්ධිය ගැන උපාලි කොඩිකාර කියයි (AUDIO) 
ජනපති කොමිසම අසලදී උපාලි කොඩිකාර නොසන්සුන් වෙයි
Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2015 13:53