May 22, 2024

'මෙගාපොලිස්' සැලසුම සිංගප්පූරු සමාගමකට 

බස්නාහිර පළාත සංවර්ධනය කිරීම සඳහා සංශෝධිත 'මෙගාපොලිස්' සැලසුමක් සිංගප්පූරු සමාගමකින් ලබාගැනීමට ශ්‍රී ලංකාව බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ බව ඔහු පවසා ඇත්තේ සිංගප්පූරුවේ 'ද ස්ට්‍රේට්ස් ටයිම්ස්' පුවත්පත සමඟ කළ සාකච්ඡාවකදී ය​.

මේ අතරම ත්‍රිකුණාමලය සංවර්ධනය සඳහාද එවැනි නගර සැලසුමක් ලබාගැනීමට ශ්‍රී ලංකා රජය සැලසුම් කර ඇත​.

බස්නාහිර පළාත සඳහා වන මෙගාපොලිස් සැලසුම මේ වසර අවසානය වනවිට ලැබෙනු ඇති බව වික්‍රමසිංහ මහතා සඳහන් කළේය​.

ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙහි මුල්ම සැලැස්ම 2004 දී සිංගප්පූරුවේ සෙස්මා සමාගමෙන් ලබාගත් නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් එය ක්‍රියාත්මක කර නොමැති බවයි.

වර්තමානයේදී මෙම නගර සැලසුම් සකස් කරනු ලබන්නේ සිංගප්පූරුවේ සුර්බානා ජුරොංග් සමාගම විසිනි.

Rate this item
(2 votes)