May 22, 2024

මාස දෙකේ දැරියක් කිරි හිර වී මිය යයි

උඩපේරාදෙණිය ළමා නිවාසයක සිටි මාස දෙකක් පමණැති බිළි‍ඳෙකුට කිරි පෙවීමේ දී කිරි සිර වී මියගොස් ඇති බව පේරාදෙණිය පොලීසිය පවසයි.

රෝහලේ දී දමා ගොස් ඇති මාස දෙකක් පමණැති මෙම බිළි‍ඳිය අධිකරණයෙන් ළමා නිවාසයට භාර දී තිබේ. 

ඉකුත් 17 වැනි දා දරුවන් බලාගන්නා ළමා නිවාසයේ කාන්තාවක් විසින් බෝතලයෙන් කිරි පෙවීමට යාමේ දී කිරි සිර වී ඇත. අනතුරු ව බිළිඳිය පේරාදෙණිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරිමෙන් පසු එදින දහවල් මරණයට පත් ව ඇත.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2015 10:14