May 21, 2024

දිස්ත්‍රික් 10 කට යළිත් නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රීක්ක 10 ක් සඳහා යළිත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඊයේ (18) රාත්‍රී 07.30 සිට ක්‍රියාත්මකවන පරිදි පැය 24 ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතන සඳහන් කරයි.

බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රදේශ නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ නායයෑම් අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ ආර්.එම්.එස් බණ්ඩාර මහතා පවසයි.

මේ අතර දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ග යටවීම හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ අතර ඊයේ (18) සවස් කාලයේ සිට රාත්‍රී කාලය දක්වා කොළඹ සහ තදාසන්න ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් පැවති අතර ඒ හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් යට වී ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

කෙසේ වුව ද මේ වනවිට ජලය බැස ගොස් ඇති අතර සාමන්‍ය පරිදි මාර්ගවල ධාවන කටයුතු සිදුවන බව පොලීසිය සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 October 2015 09:23