May 21, 2024

මෙරට ගැහැණුන් වැඩි වේ - පිරිමින් අඩු වේ

මෙරට ජනගහනයේ කාන්තාවන් 100 කට පිරිමින් සිටින්නේ 93 දෙනෙකු බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදුකළ සමීක්‍ෂණයකින් හෙළි වී ඇත.

මීට වසර දෙකකට පෙර මෙරට මෙම අනුපාතය තිබුණේ කාන්තාවන් 100කට පිරිමින් 98 ක්‌ ලෙසයි.

මේ අනුව මෙරට ජනගහන වර්ධන වේගය සැළකිල්ලට ගත් කල පිරිමි පුද්ගලයින්ගේ ජනගහන වර්ධන වේගය අඩුවී ඇති අතර ළමා ජනගහනයේ ද අඩුවීමක්‌ පෙන්නුම් කර ඇති බව ද හෙළි වී ඇත.

එමෙන්ම පුද්ගලයන් හතරදෙනකුගෙන් එක්‌ අයෙක්‌ වැඩිහිටියෙක්‌ බව ද මේ සමීක්‍ෂණයේදී හෙළි වී තිබේ.

Rate this item
(0 votes)