May 21, 2024

ඉදිරි දින තුනේ උල්කා වර්ෂාවක්

හෙට (20) සහ 21, 22 යන තෙදින තුළ උල්කා වර්ෂාවක් රාත්‍රී අහසේ දී දිස්විය හැකි බව ජ්‍යෙෂ්ඨ වෛද්‍ය පර්යේෂණාගාර තාක්ෂණ විද්‍යාඥ කීර්ති වික්‍රමරත්න මහතා පවසයි.

ඔරයනිඩ්ස් නමින් හැඳින්වෙන මෙම උල්කා වර්ෂාව උතුරු යුරෝපීය සහ අමෙරිකානු රටවල ජනතාවට වඩාත් හොඳින් පෙනෙන අතර මෙය පෘථිවි වායුගෝලයට තත්පරයට කිලෝමීටර් 66ක වේගයකින් ඇතුළත්වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේ ය.

වසර 76කට වරක් විද්‍යාමානවන හේලිගේ වල්ගා තරුවෙන් විහිදුණු දූලි අංශු මගින් ඇතිවන මෙම ඔරයනිඩ්ස් උල්කා වර්ෂාව බොහෝ විට මධ්‍යම රාත්‍රියෙන් අනතුරු ව දැකගත හැකිවනු ඇති බවත් මෙය අතිශය විචිත්‍රවත් දර්ශනයක්වනු ඇති බවත් තාරකා පිළිබඳව විද්‍යාඥයින් සැක පළ කරයි. 

මෙම උල්කා වර්ෂාවේ විශේෂත්වයවන්නේ උල්කාෂ්ම හා උල්කාපාත පෘථිවි වායුගෝලයට ඇතුළත්වන කිලෝමීටර් 100ක පමණ උන්නතාංශයේ දී ඉතා දීප්තිමත් පිපුරුමක්වීමෙන් බව ද වික්‍රමරත්න මහතා පැවසී ය. 

මෙවර මෙම උල්කා වර්ෂාවේ දී පැයකට උල්කා 10 ත් 20 ත් අතර ප්‍රමාණයක් වැටෙනු ඇති බවට තාරකා පිළිබඳ විද්‍යාඥයන් අනුමාන කර ඇතැයි වාර්තා වේ.

මෙවැනි උල්කාපාත ශ්‍රී ලංකාවේ පොළොන්නරුව වැනි ප්‍රදේශවලට පසුගිය වසරවල දී පතිත වූ අතර මෙවර ද බොහෝවිට මෙම උල්කා වර්ෂාවේ කොටස් පොළොන්නරුව දිඹුලාගල හා අරලගංවිල යන ප්‍රශවලට පතිතවීමේ ඉඩකඩ ඇති බව ද කීර්ති වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.  

 

Rate this item
(0 votes)