May 21, 2024

ඉන්දියාවට ලංකාවෙන් අනතුරු ඇඟවීමක්

මුහුදු සීමාව උල්ලංඝනය කරමින් ඉන්දීය ධීවරයන් විසින් මෙරට මුහුදේ මාළු ඇල්ලීමට තව දුටරත් ක්‍රියා කළහොත් ඔවුන් එළන දැල් කපා දැමීමට සිදුවන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කොට තිබේ.

ඉන්දීය ධීවරයන් ට්‍රෝලර් යාත්‍රාවලින් පැමිණ මෙරට මසුන් අල්ලාගෙන යැම තවමත් අඩුවී නැතැයි ද සඳහන් කළ අමාත්‍යවරයා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව හා නාවික හමුදාව මගින් මීට පෙර ඉන්දීය ධීවරයන් හා ධීවර යාත්‍රා අත්අඩංගුවට ගත්ත ද ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු ප්‍රදේශය ආක්‍රමණය කිරීම නතර වී නැතැයි ද පැවසුවේය.

ඉන්දීය ධීවරයන් මෙරට මත්ස්‍ය සම්පත නීති විරෝධී ක්‍රම හරහා අල්ලාගෙන යැමෙන් මෙරට ධීවරයන්ට හා රටට විශාල පාඩුවක්‌ සිදුවන බවත් මෙම ප්‍රශ්නය පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රිකව ද විසඳුම් සොයන නමුත් තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය ධීවරයන් මෙරට මුහුදු කලාපයේ එළන දැල් කපා දැමීමට පසුබට නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

Rate this item
(0 votes)