May 21, 2024

දකුණු කොරියා රැකියා සඳහා අයදුම්පත්‍ර අද සිට 

දකුණු කොරියාවේ ධීවර අංශයේ ධීවර රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් බඳවාගැනීමේ පරීක්ෂණය සඳහා අයදුම්පත්‍ර නිකුත් කිරීම අද (19) ආරම්භ වන බවත්, එම කටයුත්ත ලබන 21 වැනිදා දක්වා දින 03 කදී සිදුකෙරෙන බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

අයදුම්පත්‍ර ගාල්ල, මාතර, හම්බන්තොට, ගම්පහ, ත්‍රිකුණාමලය, රත්නපුර, රත්මලාන, අනුරාධපුර හා හලාවත යන කාර්යාංශයේ පුහුණු මධ්‍යස්ථානවලදී පෙ.ව 9.00 ප.ව 4.00 දක්වා නිකුත් කෙරෙන බවද එම කාර්යාංශය සඳහන් කරයි.

මෙම භාෂා ප්‍රවීණතා පරීක්ෂණය සඳහා අයදුම්කළ හැක්කේ වයස අවුරුදු 18-39 අතර අයට වන අතර, ධීවර ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා පමණක් අයදුම් කළ යුතුවේ.

අයදුම්පත්‍ර නොමිලේ සපයන අතර, විභාග ගාස්තු පවතින විනිමය අනුපාතයට අනුව අමෙරිකන් ඩොලර් 24කි. එය දළ වශයෙන් රු. 3420 කි. විදේශ ගමන් බලපත්‍රය හා එහි ඡායාපිටපතක්, 3.5x4.5 cm ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක් (මාස 06 ක් ඇතුළත ලබාගත්) අයදුම්පත්‍ර සමග ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.

 

Rate this item
(0 votes)