May 21, 2024

දැරියක් දූෂණය කළ චීවරධාරියා කොටු - චීවරධාරියා පාපොච්චාරණය කරයි

දැරියක දූෂණය කිරීමේ චෝදනාවට ලක් වූ භික්ෂුවක් සූරියවැව පොලීසිය විසින් ඊයේ (17) අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 

සුරියවැව, රන්මුතුවැව ප්‍රදේශයේ වයස අවුරුදු 14 වූ දැරියක් දූෂණය කොට ගැබිණියක් කිරීමේ බරපතල චෝදනාවට සැකපිට මෙම චිවරධාරියෙකු අත්අඩංගුවට ගත් බවත් එම චීවරධාරියා විසින් අදාළ  දැරිය වයස අවුරුදු 12 පමණ සිට වැඩිවියට වීම ප්‍රථමෙන් සිටම කිහිප අවස්ථාවකදීම අතවරයට ලක්කර ඇතැයි හෙළි වී ඇත.

බොහෝ අවස්ථාවන්හි සිහි නැතිකර එම දැරිය දුෂණයට ලක්කර ඇති බව පොලිසිය සොයා ගෙන ඇත. එමෙන්ම අදාල දැරිය ගැබ් ගැනීමෙන් පසු ගබ්සා කිරීම සදහා එම දැරිවියගේ මව හා එක් ව කීප අවස්ථාවකදීම බොහෝ ස්ථානයන්ට ගොස් උත්සහ කර ඇති බවත් එය අසාර්ථක වූ බවත් අදාල චිවරධාරියාගෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසියට පවසා තිබේ.

එමෙන්ම මෙම චීවරධාරියා විසින් ප්‍රදේශයේ තවත් බාලවයස්කාර දැරියන් තිදෙනෙකු අපයෝජනය කර තිබෙන බවත් එක් දැරියක් ගැබ් ගැනීමෙන් පසු ගබ්සාවක්ද කර තිබෙන බවත් පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ.

අදාල බාලවයස්කාර දැරිය වෛද්‍ය පරික්ෂණ කටයුතු සදහා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කර තිබෙන අතර ළමා අපචාර සිදුකල චීවරධාරියා අද (18 )දින හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට

 

                                                    

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 October 2015 15:34