May 04, 2024

ඇවන්ට්ගාඩ් නෞකාව අදත් පරීක්ෂාවට

තොරතුරු සඟවා අවි රැගෙන ගාලූ වරායට පැමිණි ඇවන්ට්ගාඩ් නෞකාව පිළිබඳ රහස් පොලිස් පරීක්ෂණ අද (18) දිනයේත් ක්‍රියාත්මක කිරීම සිදුවන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට ඇවන්ට්ගාඩ් නෞකාවට පොලිස් ආරක්ෂාව මෙන්ම නාවික හමුදා ආරක්ෂාව ද සපයා ඇති බව පොලීසිය පැවසී ය.

ඇවන්ට්ගාඩ් අවි නැව සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සඳහා රහස් පොලිස් කණ්ඩායමක් ඊයේ(17) පෙරවරුවේ ගාල්ල වරායට පැමිණ තිබේ. 

ඇවන්ට්ගාඩ් නෞකාව පරීක්ෂා කිරීම සඳහා ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා පොලීසියට අවසර ලබාදුන්නේය. ඒ අනුව අදාළ පරීක්ෂණ ඊයේ ආරම්භ කර ඇත.  

නෞකාව සම්බන්ධයෙන් නාවික හමුදාව ලබාදුන් වාර්තාව ද ආරක්ෂක අමාත්‍යාංශය පත් කළ කමිටුව මගින් දැන් ඇගයීමට ලක් කෙරෙන අතර එහිදී ආරක්ෂක අමාත්‍යාංශයේ ක්‍රමවේදයන්ට පටහැනිව කටයුතු කර ඇති බව තහවුරු වුවහොත් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)