May 03, 2024

යාපනයේ පුද්ගලයෙකු ගිනි තබාගෙන මරුට

යාපනය, නෙල්ලිඅඩිකප්පුදු ප‍්‍රදේශයේදි සිරුරට ගිනි තබාගත් පුද්ගලයෙකු ඊයේ(17) ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙල්ලිඅඩි පොලීසිය පැවසීය.

පෙරේදා(16) රාති‍්‍රයේදි අදාළ පුද්ගලයා සිරුරට ගිනි තබාගෙන ඇති අතර, ගිනි තබාගත් පුද්ගලයා යාපනය මහ රෝහලේදි ප‍්‍රතිකාර ලබමින් සිටියදි ඊයේ(17) ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙල්ලිඅඩි පොලිසිය සඳහන් කළේය.

යාපනය, කරවෙඩ්ඩි ප‍්‍රදේශයේ පදිංචි කුමාරස්වාමි නිරෝජන් නමැති 25 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ගිනි තබාගෙන ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අදාළ පුද්ගලයාගේ යතුරු පැදියද ගින්නෙන් විනාශ වි ඇති බවද පොලිසිය පැවසීය.

ගිනි තබා ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැති අතර, නෙල්ලිඅඩි පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

වන්නි රොමේෂ් මධුෂංඛෙ

Rate this item
(0 votes)
Last modified on Sunday, 18 October 2015 10:46