May 01, 2024

පස්සර - ඇල්ල මාර්ගය යථා තත්ත්වයට -  රියැදුරන්ට අනතුරු ඇඟවීම් 

පස්සර - ඇල්ල නමුණුකුල මාර්ගයේ කොටුගහතැන්න ප්‍රදේශයේ ඊයේ (16) රාත්‍රී 09.00ට පමණ නාය යාමක් සිදුවීමෙන් අවහිර වූ මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් මැදිහත්වීමෙන් මේ වනවිට යථා තත්ත්වයට පත්කර ඇතැයි පස්සර පොලීසිය පවසයි.  

නාය යෑමෙන් ඊයේ රාත්‍රී 09.00 සිට අද පෙරවරු 08.00 පමණවන තෙක් මාර්ගයේ වාහන ගමනාගමනය ඇන හිට තිබූ අතර උදැසන මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් යොදවා මර්ගයේ පස් ඉවත් කර ඇත.

එහෙත් ඉදිරියේදීත් සුළු වැස්සට පවා මෙම ස්ථානයේ නායයෑමේ අවධානම පවතින බැවින් මෙම මාර්ගයේ රථවාහන ධාවනයේ දී විමසිල්ලෙන් වාහන පදවන ලෙසට පොලීසිය රියැදුරන්ට අවවාද කරයි.

බදුල්ල - පාලිත ආරියවංශ 

 

Rate this item
(0 votes)