May 01, 2024

මහා පරිමාණ කුඩු සැකකරු සිද්ධික් යළි රිමාන්ඩ්

මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්දික්‌ එළැඹෙන 30 වැනි දා දක්වා තව දුරටත් රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහේස්‌ත්‍රාත් ගිහාන් පිළපිටිය මහතා ඊයේ (16) නියෝග කළේ ය.

ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා හමුවේ පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්‌ථාවේ දී රක්‌ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අතර අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තාවක්‌ මගින් කරුණු දැක්‌වී ය.

සැකකරුගේ බිරිඳගේ නමින් ඇති බැංකු ගිණුම්වලට මුදල් දැමූ අය හඳුනාගෙන ප්‍රකාශ ලබාගත් බව පැවසූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවැත් වූ සබඳතා සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලීසිය හා ඉන්දියානු පොලීසිය මගින් වාර්තා ඉල්ලා ඇති බවත් ත්‍රස්‌තවාදී කටයුතුවලට සැකකරු මුදල් යොදවා තිබුණේ ද යන්න පිළිබඳ එහිදී පරීක්‌ෂණ පවත්වන බවත් කියා සිටියේ ය.

Rate this item
(0 votes)