May 01, 2024

රේගු නිලධාරීන් කොටු කර ගැනීමට මුදල් සොයා ගත්තේ මෙහෙමයි 

රේගු නිලධාරීන් කොටු කර ගැනීම සඳහා අල්ලස් ලෙස ලබාදීමට අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම මුදල් සොයාගත්තේ තමාගේ නමින් රාජ්‍ය බැංකුවකින් ලබාගත් නිවාස ණයක් ආධාරයෙන් බව එම කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩිල්රුක්ෂි ඩයස් මෙනෙවිය ඊයේ (16) ප්‍රකාශ කරයි.

බැංකු නිලධාරීන් ද තමා කෙරෙහි විශ්වාසය තබා එම මුදල ලබාදුන් බවත් කිසිවෙකුට නොහැ‍‍ඟෙන සේ සූක්ෂ්මව සැළසුම කි‍්‍රයාවට නංවා වැටළීම සිදුකළ බවත් ඇය සඳහන් කළා ය.

අල්ලස් ගැනීමට තැත් කරන සියලු රාජ්‍ය නිලධාරීන් මෙම සිදුවීම ආදර්ශයට ගෙන ඔවුන්ගේ පිළිවෙත් වෙනස් කරගත යුතු ව ඇතැයි ඩයස් මෙනෙවිය අනතුරු ඇඟවූවා ය.

රාජ්‍ය කොමිසම් සභාව මෙම මෙහෙයුම කි‍්‍රයාත්මක කිරීමට පූර්ණ සහය ලබාදුන් බව ද ඇය පැවසුවා ය.

Rate this item
(0 votes)