May 01, 2024

වියදම අඩු කිරීමට පිටත වටරවුම් මාර්ගයේ මංතීරු අඩු කරයි

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ තෙවන අදියරවන කඩවත - කෙරවලපිටිය මාර්ග ව්‍යාපෘති සැලැස්‌මේ විෂය පථය අඩුකර කොන්ත්‍රාත් මුදලින් රුපියල් බිලියන 10 ක්‌ අඩුකිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම අධිවේගී මාර්ග කොටසේ සැලස්‌මෙහි තිබුණු කොළඹ, මීගමුව ප්‍රධාන මාර්ගයට සම්බන්ධ කරන අන්තර් හුවමාරු ස්‌ථානය ඉවත් කිරීමටත් යෝජිත මංත්‍රීරු 06 මංත්‍රීරු 04 දක්‌වා අඩු කිරීමටත් තීරණය කර ඇත.

මෙම මාර්ග ව්‍යාපෘතිය කිලෝ මීටර් 9.32 ක්‌ දිගින් යුක්‌තවන අතර ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව රුපියල් බිලියන 66.69 කි. ව්‍යාපෘතියේ සිදුකරන නව අඩු කිරීම් හේතුවෙන් රුපියල් බිලියන 10 කින් කොන්ත්‍රාත් මුදල අඩුවෙයි.

මෙම ව්‍යාපෘතියේ අංගයන් අඩු කිරීමට මීට පෙර ද ආණ්‌ඩුව තීරණය කළ ද අදාළ චීන කොන්ත්‍රාත් සමාගම එම වෙනස්‌ කිරීම්වලට එකඟ නොවී ය.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 17 October 2015 11:41