May 01, 2024

අල්ලස් ගැන වහාම දැනුම් දෙන්න

මහා පරිමාණ අල්ලස් ගනුදෙනු පිළිබඳ පැමිණිලි කිරීමට නොපමාව ඉදිරිපත් වන්නැයි අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ප්‍රකාශ කරයි.

ව්‍යාපාරිකයකු නොබිය ව පැමිණිලි ඉදිරිපත් කිරීම හේතුවෙන් ලංකා ඉතිහාසයේ වාර්තා වූ ලොකුම අල්ලස් මුදල ලබා ගැනීමේ දී රේගු නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මාධ්‍යවලට අදහස් පළ කරමින් ඇය පැවසුවා ය.

 

Rate this item
(0 votes)