May 01, 2024

බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට 

බදුල්ල සහ හීල්ඔය දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට පැවැති බාධා මේ වනවිට ඉවත් කර තිබේ.

පස් කන්ද කඩා වැටීම හේතුවෙන් කොළඹින් සහ බදුල්ලෙන් පිටත්වන තැපැල් දුම්රිය දෙකම ඊයේ (16) අවලංගු කෙරුණි. 

එහෙත් මේ වනවිට උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා පරිදි සිදු කෙරෙන බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Saturday, 17 October 2015 10:14