May 04, 2024

නායයාමේ අනතුරු ඇඟවීම දිස්ත්‍රික්ක 07කට නැවතත්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07කට නිකුත් කළ නාය යාමේ අවදානම පිළිබඳ අනතුරු ඇඟවීම අද (17) රාත්‍රී 08.00 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි. 

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් පැය 24ක කාලයකට බල පැවැත්වෙන ලෙස එම අවදානම් නියෝගය ඊයේ (16) රාත්‍රී 08.00 සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබේ.

බදුල්ල, නුවරඑළිය, මහනුවර, කෑගල්ල, කළුතර, රත්නපුර සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා ඉවුරු කඩා වැටීම් සහ ගල් පෙරලීමේ වැඩි අවදානමක් පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි.

මේ අතර දිවයිනේ පළාත් රැසකට අද දිනයේත් වැසි සහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එහි දී ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ සජිත් වික්‍රමසූරිය මහතා සඳහන් කළේ ය.

Rate this item
(0 votes)