May 04, 2024

බදුල්ල - කොළඹ දුම්රිය ගමන් අඩාලයි

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ හීල් ඔය දුම්රිය ස්ථාන අතර අංක 161 සහ 163 සැතපුම් කණුව අතර දුම්රිය මාර්ගයට අද (16) පස්වරුවේ පස්කඳු කඩාවැටීම හේතුවෙන් බදුල්ල - කොළඹ දුම්රිය ගමනාගමනයන්ට බාධා වී ඇත.

මේ නිසා බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියත්, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රියත්, අවලංගු කර ඇතැයි දුම්රිය දෙපාර්තමෙන්තුව ප්‍රකාශ කර තිබේ.

පවතින අධික වර්ෂාව නිසාවෙන් කඩාවැටී ඇති පස් ඉවත් කිරීම ද දුෂ්කරවී තිබෙන බවටයි එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ්‍

Rate this item
(0 votes)