May 04, 2024

මාර්ග අනතුරු අවම කිරීමේ වැඩපිළිවෙළක්

දෛනිකව සිදුවන මාර්ග අනතුරු ඉහළ යෑමේ ප්‍රවණතාවක් පවතින බැවින් මාර්ග අනතුරු අවම කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මේ යටතේ මගීන්, රියැදුරන් සහ පදිකයන් දැනුවත් කෙරෙන අතර, ඒ සඳහා ක්‍රියාත්මකවන ලෙස ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට පවසා තිබේ. 

මෙම සාකච්ඡාව ඉකුත් 15දා වැනි දා ප්‍රවාහන අමාත්‍යාංශයේ දී පැවැත් විය. 

 

Rate this item
(0 votes)