May 04, 2024

ජනපති කොමිසමෙන් මහින්දට තේ පැන් සංග්‍රහයක් 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද (16) බරපතල වංචා සෙවීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණීමෙන් අනතුරුව සිය නීතිඥයන් සමඟ කොමිෂන් සභාව විසින් පැවැත් වූ තේ පැන් සංග්‍රහයකටද සහභාගි විය.

අද දිනයේ හිටපු ජනාධිපතිවරයාට සහය පළ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම, ප්‍රසන්න රණතුංග මහජන සාක්ෂි විමසීම සිදුකළ ස්ථානයට පැමිණ සිටියහ.

පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතුවලට අදාළව ස්වාධීන රූපවාහිණී සේවයට අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම ඊයේ සිය මහජන සාක්ෂි විමසීම ආරම්භ කළේය. 

 

Rate this item
(0 votes)